Sinhala Hymn

අතීතයේදිද මතුන්


අතීතයේදිද මතුන්
අපගේ එකම
පැතුමද උපකාරෙත්
ඔබයි හිමිතූම


ඔබ සිහසන් සෙවනේ
සැපතින් වසමු
ඔබස සුරතින් පමණේ
ඇතොත් සුරැකෙමු


කඳු හෙල් සාදන්ටත් පෙර
ඔබ දෙවිඳුය
ඊයෙත් අදත් සදාකල්හීත්
වෙනස් නොවන්නේය


දහස් වසක් ඔබ හට
දවසක් ලෙස වේ
පෙර හිරු පායන්නට
උදේ යාම මෙන් වේ


කාලය සැඩ පාරක් මෙන්
ගෙනයයි සත් සැම
රෑදුටු සීනේ විලසින්
වේ උන් තුරන් වීම


අතීතයේදීද මතුත්
අපේ පැතුම වෙත්
දෙවිඳුනි අග දක්වාත්
රකින් අප නිතින්

 


අසව් දුත ගී නද


අසව් දුත ගී නද
රජුට උපන් අද
පොළොවේ සමාදානේත්
සතට වේ දයාවත්
සෑම ජාතීන් නැඟිටිව්
දූතයන් හා ගී කියව්
බෙත්ලෙහෙම් පුරවරේ
ක්‍රිස්තුස් උපන් මේ වරේ


Chorus
අසව් දුත ගී නද
රජුට උපන් අද


උසස් තැන්හි වැඳුම් ලත්
සදාකල් හිමි තෙදැත්
ක්‍රිස්තුස් තුම එයි බලව්
කන්‍යා ළඳ පුත් මෙලෙව්
වසා දේව ලීලාව
සැබවින් මිනිසෙක්ව
මිනිසුන් හා වසන්ට
එම්මානුවෙල් වි තුට


සමාදානේ කුමරු
දමිටුකමේ හිරු
සියල්ලන්ට මිදීමත්
ගෙනාසේක එළියත්
තේජස හැර දමා
මිනිසුන්ට වී පෙමා
සදාකාල ජීවනේ
දෙන්ට ලොව උපන්නේ

 


ඇදහිල්ලම කරම්


ඇදහිල්ලම කරම්
සෑමදාම සන්තොසින්
අන්තරා ඇතත් තද
ඇදහිල්මයි සොඳ


Ref
අදහම් බැතින් මම
පෑ දින බැගින් සැම
මක්වෙතත් නොහැරම
යේසුමයි සියල්ලම


ආත්මයාණෝ සිත් තුළ
දීප්තිමත්ව බබළයි
ඒ බලේ ඇති කල
මා වැටෙන්ට නො හැකියි


ආත්මයාණෝ සිත් තුළ
දීප්තිමත්ව බබළයි
ඒ බලේ ඇති කල
මා වැටෙන්ට නොහැකියි


ගීතිකා නද දෙමින්
කන්නලව් පුදා නොමින්
යේසුගේ නම අරන්
යන්නෙමි අදහම්න්


ජීවිතේ ඇති විටත්
මේ ලොවින් ගියාමද
රන් දොරින් යන කලත්
ඇදහිල්ලමයි සොඳ.