ඔබ තේජස් හා කිරුළත්හැර
ඔබ තේජස් හා කිරුළත්හැර
මෙහි ආකල මා නිසා
නිවසේහි බෙත්ලෙහෙම් නුවර
නොලත්සේක ඉඩක් තොසා
Ref
යේසුස් මසිතට වඩින්
ඔබට හි ඉඩ ඇත්
යේසු මසිතට වඩින් දැන්
ඔබට එහි ඉඩ ඇත්
සුර දූතයින් සගයේ සිට
ඔබට පැසසුම්දුන්නත්
දිළිඳෙක්සේම ඔබ ලොවට
වැඩිසේක වෙමින් දුක් පත්
හිවලුන්ට හා සියොතුන් හට
වනයේ ඉඩ ඇත් වීය
ඒ නමුත් යේසු හිමි ඔබට
ඉඩමක් මෙහි නැත් විය
ඔබ ජීවනේ බස රැගෙන
ලෝසත් මුදනට ආ කල්හී
කටු ඔටුන්නක් හිස ලමින
මැරු වෝය කුරුසේහි
ඔබ තේජසින් ජය ගන්නට
ඵන කල් සුර සෙන් ගී යෙන්
කැඳවා මාද ඉඩමක්මට
ඔබ ලඟින්ම සලසන්
යේසුස් මසිතට වඩින්
ඔබ මා කැඳවන කල
යේසුස් මසිත වෙයි සතොස් දැන්
ඔබ මා කැඳවන කල
ඔබමයි සමිඳේ
කරුණා දයා පුදුමයි ඔබගේ
මා වන් අධමෙක් ගැලවූ
නැතිවී සිටි මා නැවතත් සෙවුවා
මාගේ පෙම්වත් දෙවිඳු.
සරණක් සෙව්වා, බෝ දුක් විඳා
මෙලොවේ තනිවී හැඬුවා
ඔබ මා කැඳවා තුරුලේ සඟවා
ගෙනයයි සතිටින් සැමදා.
කෝරසය
මා බැඳුම් වලින් නිදහස් වූවා
මාගේ දෙවිඳුන්, මා ගැලවූවා
ගඟුලක් ලෙසින්, මහදේ ගලනා
නොමියන ප්‍රේමේ, ඔබමයි සමදා.
මගේ පා පැකිළී වැටුනූ විටදී
ඔබ මා ඔසවයි සමිඳේv
සැමදා දිවියේ වෙසෙනා මොහොතේ
දෙවිඳුන් ඔබමයි නිතිනේ.
කෝරසය
මා බැඳුම් වලින් නිදහස් වූවා
මාගේ දෙවිඳුන්, මා ගැලවූවා
ගඟුලක් ලෙසින්, මහදේ ගලනා
නොමියන ප්‍රේමේ, ඔබමයි සමිඳේ(x2)
කන්දෙමි මම සොම්නසින්
1. කන්දෙමි මම සොම්නසින්
විස්මපත් දෙව් වදන්
යුත් පුවත් සුපසන් නොමින්
විස්මපත් දෙව් වදන්
දෙව් වදන් සුපසන්
ඉන් මට උගන්වන්.
Ref
සුපසන් මයි විස්මපත් මයි
විස්මපත් දෙව් වදන්
සුපසන් මයි විස්මපත් මයි
විස්මපත් දෙව් වදන්.
2. දුන් ලෝ සතට දෙව් වදන්
විස්මපත් දෙව් වදන්
පව් කරුවෙනි දෙව් සවන්
විස්මපත් දෙව් වදන්
දෙව්සැප ලබන්ට
දෙයි අණ සැමට.
3. යේසු හිමි හඳුන්වන
විස්මපත් දෙව් වදන්
පව් කමාව දන්වා දෙන
විස්මපත් දෙව් වදන්
ලෝ සත මුදා දෙන්
යේසුස්නි දයාවෙන්.
කරුණාවෙ වචනය ඔබ
1. කරුණාවෙ වචනය ඔබේ
අනුව යටත් වෙමින්
මියෙනා හිමිට මෙසේ කියම්
ඔබ සිහිකරන්නෙමී
2. ශරී-රය බිඳී ගිය
සගෙන් රොටි-ය වේ
ඒ සාක්ෂියේ කුසලානයෙන්V
ඔබ සිහිකරන්නෙමී
3. ගෙත්සෙ-මනේ අමත-ක දෝ
ඔබෙ ගැටුම හා ලෙය
ඔබෙ වේදනා සියල් දැකත්
ඔබ සිහි නොක-රම්දෝ
4. කල්වාරියේ කුරුසේ දිහා
නෙත් යොමු කළ විට
පූජාව බැටළු දෙවිඳුගේ
මම සිහිකරන්නෙමී
5. ඔබ හා ඒ වේදනා හැමත්
ඒ ප්‍රේමයත් මට
අවසාන හුස්මෙදී පවා
ඔබ සිහි කරන්නෙමී
6. ගොළුවී දෙතොල් මතකේ මැකී
සිත ගිලිහෙනා විට
එන්නාවූ රාජ්‍යයේ ඔබේ
මා සිහිකරනු මැනේ
ජීවිතේ රැළ ගසනා කලට
1. ජීවිතේ රැළ ගසනා කලට
බාදා එන කල සිත කයට
ගැණපන් ලත් ආසිරි එකින් එක
පුදුමයක් වෙයි නුඹට නිසැක
Ref
ආසිරි එකෙක ගැණපන්
මේ තාක් හිමි කළ දේ සිතන්
ගණන් කරන් එකෙක බැගින්
පුදුමයක් වෙයි නුඹේ සිතට ඉන්
2. කරදරෙන් පොඩිවී ඉන්නෙහිද?
කුරුසේ බර වැඩි මෙන් දැනේද?
සිහිකරන් ලත් ආසිරි එක්එක
දුරුවී යයි අඳුරත් සැම සැක
3. දුටුවාම සම්පත් හා ගම්බිම් අනුන්
සිහිකරන් යේසු හිමි කී වදන්
මිලකළ නොහැක් සැප සෙත් නොමින්
පොරොන්දුවුණා නොවේද දෙන මෙන්?
4. පීඩා හා සටන් කොතෙක් ආවත් ඉතින්
බය නොවන් සවි සිතින්ම සිටින්
ඕනෑ උපකාර සැනසුම් දෙමින්
දෙවි තුම නුඹ රකියි නිතියෙන්
දාවිත්ගේ පුරෙහි වරක්
1. දාවිත්ගේ පුරෙහි වරක්
වීය සුළු ගෝ හළක්
ඒ හළ තුළ වී මවක්
ඔරුවක බිළිඳෙක්
මරියාය ඒ මව් නම්
යේසුස් ක්‍රිස්තුස් බ්ළිඳුන්.
2. ආ කල සගෙන් එතුමන්
සියල්ලේහි හිමිවන්
ගෝහළක් විය නිවහන්
ඔරුවක් විය යහන්
සමඟ දුගී දනන්
විසුයේ මිදුම් කරුන්.
3. බිළිඳු කල එතුමා
කළේ නිති බුහුමන්
සලකමින් බැතින් පෙමා
දිළිඳුවූ මෑණියන්
ක්‍රිස්තියානි ළමයින්
වීය යුතුයි එලෙසින්.
4. සුනිමල් දරු තුමන
අඬමින් සිනාසෙමින්
දුබල්කම් අත්දකිම්න
වැඩුනේ අප ලෙසින්
දැනුත් අප දුක් සැපත්
සලකයි ආදරෙන් සිත්.
5. ඒ කුමරා උතුම් වන
සගේ අප හිමි වෙයි
දරුවන්ට පෙම් බෙලෙන
සග මග දක්වා දෙයි
අන්තිමේ දි එතුමන්
දක්නෙමු අපේ ඇසින්.
6. සුළු ගාලක් තුළ නොවේ
ගවයින්ද අතරේ
දකින්නෙම හිමි සගේ
දකුණෙ පියාණන්ගේ
තරු මෙන් හිමි වට
දරුවෝ වෙත් එවිට.