මෙ ලෝ වන මැදීන් යන
1. මෙලෝ වන මැදින් යන
වන්දනකාර වූ මා
ඔබ බලවත් අතින
රැකදී යෙහෙන් පෙමා
සග මන්නා සග මන්නා
දෙන් දැනුත් සැමකල්හිත්
දෙන් දැනුත් සැමකල්හිත්
2. සුවවීමේ සුද්ද දිය
ගලා එන උල්පතෙන්
පොවා මට දෙන් සවිය
මග පෙන්වා ගෙන යන්
වලාටැඹ වලාටැඹ
යේවා මා පෙරටුවෙන්
යේවා මා පෙරටුවෙන්
3. බැස්සාම මා යොර්දානට
දුරරින් හැම බය
දකිම්වා ඒ කානන් රට
නසා මරු බලය
ගී පැසසුම් ගී පැසසුම්
නගන්නෙම් සදාකල්ම
නගන්නෙම් සදාකල්ම
යාඤා පැය! යාඤා පැය
යාඤා පැය! යාඤා පැය!
මා සිත් සනසන පැය
ඉන් මා ඕනෑකම් හිම්ට
හැකි වේය පවසන්ට
දුක් පීඩා පැම්ණී විට
ආත්මේ ලැබිය පිහිට
සාතන්ගෙන්ද මා මිදීය
අහෝ නුඹ යාඤා පැය!
යාඤා පැය! යාඤා පැය!
නැතිකරයි මා සිත් බිය
මා කන්නලව හිමි වෙත
ගෙනයයි නුඹ නියත
එතුම මා කැඳවයි දැන්
යනමෙන් එබැවින් සැණෙන්
බලා භිඳිම් පෙම්වත් පැය
පමා නොවෙන් යාඤා පැය!
යාඤා පැය! යාඤා පැය!
නුඹේ සැනසුම් ඕනෑය
පිස්ගාවෙන් දැක මා නිවෙස්
ඉගිල යන තෙක් එදෙස්
හැරලා මේ කය එකල්
යන්නෙම් ලබනට කිරුල්
අහස්හි හඬ නඟම්ය
ඉතින් නිමයි යාඤා පැය!
යේසුස් මට ආදරෙයි
යේසුස් මට ආදරෙයි
බයිබලේ ඒසේ පෙනෙයි
බාල මා දුබල මුත්
එතුම වෙයි බලවත්
Ref
ඔව්, යේසුස් උතුම් ආදරෙයි දනිම්
ඔව් ඒ බව මම් බයිබලයෙන් දනිම්
යේසුස් මට ආදරෙයි
මා නිසා මළ සෙයින්
පවින් මා ගලවන්ට
හැකිය එතුමන්ට
යේසුස් මට ආදරෙයි
දැනුත් මට ආදරෙයි
රකින්ට මා නින්දෙදිත්
වඩියි ආසනෙන් දිමුත්
යේසුස් තුමට මෙ මාත්
ආදරයෙන් විසුවොත්
මේ ලොවින් ගිය විට
ගනියි මා දෙව්ලොවට
යේසුස් මෙන් මිතුරෙක්
යේසුස් මෙන් මිතුරෙක් ඇද්ද
සෝක බර දරන්ට
කිම මෙන් සැපතක් ඇද්ද
සියල්ල දෙවිඳුන්ට
ඕනෑ නැති දුක් බෝ කල
ගත්තෙමුව සිතට
ඒ නොකී නිසයි සියල්ල
යාච්ඤාවෙන් සමිඳුන්ට
බාධා පරික්ෂා තිබෙතත්
වෙනත් පීඩා දරන්ට
ඊට සැක නොව කිසිත්
යේසුස්ට කියන් සිට
යේසුස් මෙන් මිතුරෙක් නැත්මයි
සෑම දුක් උසුලන්ට
අපගේ දුක් සෝක දනියි
ඉල්ලමුව පිහිට
දුක් හා කරදර ඇතත්
කාංසාවද සිතට
කීවොත් පිහිට ලැබේ නිත්
යාච්ඤාවෙන් සමිඳුන්ට
මිතුරෝ අත්හැර ගියත්
යමු හිමි වෙතට
ඒ හිමි දෙයි පෙමින් මහත්
සොම්නස් හා සෙත් මෙමට