මට විවර ගල
1. මට විවර ගල
සැඟවෙම් ඔබ තුළ
ගැලූ ඔබගේ ඇළෙන්
වතුර හා රුදිරෙන්
මා පව් හා එහි බලේ
සෝදා හරින් මේ කලේ
2. මාගේ බලෙන් බෑ මට
ඔබ පණත් රකින්ට
කොතෙක් උත්සහ කළත්
කඳුළු වැගුරුවත්
පව් කමාව නොලැබේ
ඔබෙන් පමණක් ලැබේ
3. අතේ කිසිත් නොගෙනෙම්
කුරුසේටම ඇලෙම්
නිවත් මා හඳවනු
දුප්පත් මට සෙත් දෙනු
සෝදාලන් කිලුටු මා
සෝදන් නැත්නම් නැසෙයි මා
4. මා දිව පවත්නා තුරුත්
ඇස් පියවෙන කලත්
නොදත් මග යද්දි ද
විනිස දිනේ දි ද
මට විවර ගල
සැඟවෙම් ඔබ තුළ.
මා පව් සෝදාලන්ටැත්තේ
මා පව් සෝදාලන්ටැත්තේ
ලෙය පමණක්මයි යේසුස්
සුවකරන්ටත් ඈත්තේ
ලෙය පමණක්මයි යේසුස්
Ref
ඔව් අනගි ගඟ
පව් සෝදන ගඟ
ජීවනයේ ගඟ
ලෙයමය පින්වත් යේසුස්
පිරිසිඳුවීමටත්
ලෙය පමණක්මයි යේසුස්
කමාවට කරුණත්
ලෙය පමණක්මයි යේසුස්
සමාදානෙත් පැතුමත්
ලෙය පමණක්මයි යේසුස්
මාගේ දමිටුකමත්
ලෙය පමණක්මයි යේසුස්
පව් නසන පූජාව
ලෙය පමණක්මයි යේසුස්
මා කළ හොඳක්නොව
ලෙය පමණක්මයි යේසුස්
මා යේසුනී මා ආදරෙයි
1. මා යේසුනී මා ආදරෙයි, ඔබ මාගෙ යැයි දනිමී
පාපේ හැම සුවය ඔබ වෙනුවෙන් හැර දමමි
මිදුම්කරුනි මාගේ, ගැළවුම්කරු ඔබයි
ආදරය කළා නම් මා ඔබට යේසුනී ඒ දැනුයි.
2. ආදරය කරමි, ඔබමයි මට, මුලින් ආදරය කළේ
කල්වාරියේ ගසෙහී මගේ කමාවට මිල ගෙව්වේ
මා ආදරෙයි පැළඳූ නිසා, ඒ කටුවැල් ඔබගෙ හිසේ
ආදරය කළා නම් මා ඔබට යේසුනී ඒ දැනුයි.
3. ආදරය කරමි ඔබට මගේ ජීවිතේ හා මරණේදී
හුස්ම මට දී ඇති තුරා, ඔබටම පසසමී
මරණේ පින්නෙන් මාගේ හිස වැසෙනා විටදී කියමී
ආදරය කළා නම් මා ඔබට, යේසුනී ඒ දැනුයි.
4. සදාතනේ යුගයන් පුරා, ප්‍රීති නිම නැතී
සදාටම නමදිම් ඔබ, අති දීප්තිමත් මහිමේ
ගයන්නෙමී, මාගේ හිසේ දිලෙනා ඔටුනූ දරා
ආදරය කළා නම් මා ඔබට, යේසුනී ඒ දැනුයි.
මාගේ දුක් පීඩා නිමකරලා
1. මාගේ දුක් පීඩා නිමකරලා
ඒ රුවත් වෙරළට පත් කලා
පෙම්බර මා හිමි ළඟ ඉන්ට
සදාකල්හිම වේ තේජස් මට.
Ref
එකල්හි වේ තේජස් මට
තේජස් මට තේජස් මට
හිමි වත දක්නා කල මා
එකල්හි වේමය තේජස් මට.
2. හිමිගේ දයා කඳින් විපුලා
සගයේ ඉඩමක් මා ලත් කලා
ඒ හිමි උවන බලා ඉන්ට
සදාකල්හිම වේ තේජස් මට.
3. මිතුරෝ එහි වෙත් මා පෙම් දැරූ
සොම්නස් ගලායේ ගඟක් ලෙස
හිමි මද හසීන් පෙනේ තුට
සදාකල්හහිම වේ තේජස් මට.