Sinhala Hymn

අසව් දුත ගී නද


අසව් දුත ගී නද
රජුට උපන් අද
පොළොවේ සමාදානේත්
සතට වේ දයාවත්
සෑම ජාතීන් නැඟිටිව්
දූතයන් හා ගී කියව්
බෙත්ලෙහෙම් පුරවරේ
ක්‍රිස්තුස් උපන් මේ වරේ


Chorus
අසව් දුත ගී නද
රජුට උපන් අද


උසස් තැන්හි වැඳුම් ලත්
සදාකල් හිමි තෙදැත්
ක්‍රිස්තුස් තුම එයි බලව්
කන්‍යා ළඳ පුත් මෙලෙව්
වසා දේව ලීලාව
සැබවින් මිනිසෙක්ව
මිනිසුන් හා වසන්ට
එම්මානුවෙල් වි තුට


සමාදානේ කුමරු
දමිටුකමේ හිරු
සියල්ලන්ට මිදීමත්
ගෙනාසේක එළියත්
තේජස හැර දමා
මිනිසුන්ට වී පෙමා
සදාකාල ජීවනේ
දෙන්ට ලොව උපන්නේ

 


ඇදහිල්ලම කරම්


ඇදහිල්ලම කරම්
සෑමදාම සන්තොසින්
අන්තරා ඇතත් තද
ඇදහිල්මයි සොඳ


Ref
අදහම් බැතින් මම
පෑ දින බැගින් සැම
මක්වෙතත් නොහැරම
යේසුමයි සියල්ලම


ආත්මයාණෝ සිත් තුළ
දීප්තිමත්ව බබළයි
ඒ බලේ ඇති කල
මා වැටෙන්ට නො හැකියි


ආත්මයාණෝ සිත් තුළ
දීප්තිමත්ව බබළයි
ඒ බලේ ඇති කල
මා වැටෙන්ට නොහැකියි


ගීතිකා නද දෙමින්
කන්නලව් පුදා නොමින්
යේසුගේ නම අරන්
යන්නෙමි අදහම්න්


ජීවිතේ ඇති විටත්
මේ ලොවින් ගියාමද
රන් දොරින් යන කලත්
ඇදහිල්ලමයි සොඳ.

 


කන්දෙමි මම සොම්නසින්


1. කන්දෙමි මම සොම්නසින්
විස්මපත් දෙව් වදන්
යුත් පුවත් සුපසන් නොමින්
විස්මපත් දෙව් වදන්
දෙව් වදන් සුපසන්
ඉන් මට උගන්වන්.


Ref
සුපසන් මයි විස්මපත් මයි
විස්මපත් දෙව් වදන්
සුපසන් මයි විස්මපත් මයි
විස්මපත් දෙව් වදන්.


2. දුන් ලෝ සතට දෙව් වදන්
විස්මපත් දෙව් වදන්
පව් කරුවෙනි දෙව් සවන්
විස්මපත් දෙව් වදන්
දෙව්සැප ලබන්ට
දෙයි අණ සැමට.


3. යේසු හිමි හඳුන්වන
විස්මපත් දෙව් වදන්
පව් කමාව දන්වා දෙන
විස්මපත් දෙව් වදන්
ලෝ සත මුදා දෙන්
යේසුස්නි දයාවෙන්.