Sinhala Hymn

මා පව් සෝදාලන්ටැත්තේ


මා පව් සෝදාලන්ටැත්තේ
ලෙය පමණක්මයි යේසුස්
සුවකරන්ටත් ඈත්තේ
ලෙය පමණක්මයි යේසුස්


Ref
ඔව් අනගි ගඟ
පව් සෝදන ගඟ
ජීවනයේ ගඟ
ලෙයමය පින්වත් යේසුස්


පිරිසිඳුවීමටත්
ලෙය පමණක්මයි යේසුස්
කමාවට කරුණත්
ලෙය පමණක්මයි යේසුස්


සමාදානෙත් පැතුමත්
ලෙය පමණක්මයි යේසුස්
මාගේ දමිටුකමත්
ලෙය පමණක්මයි යේසුස්


පව් නසන පූජාව
ලෙය පමණක්මයි යේසුස්
මා කළ හොඳක්නොව
ලෙය පමණක්මයි යේසුස්

 


මාගේ දුක් පීඩා නිමකරලා


1. මාගේ දුක් පීඩා නිමකරලා
ඒ රුවත් වෙරළට පත් කලා
පෙම්බර මා හිමි ළඟ ඉන්ට
සදාකල්හිම වේ තේජස් මට.


Ref
එකල්හි වේ තේජස් මට
තේජස් මට තේජස් මට
හිමි වත දක්නා කල මා
එකල්හි වේමය තේජස් මට.


2. හිමිගේ දයා කඳින් විපුලා
සගයේ ඉඩමක් මා ලත් කලා
ඒ හිමි උවන බලා ඉන්ට
සදාකල්හිම වේ තේජස් මට.


3. මිතුරෝ එහි වෙත් මා පෙම් දැරූ
සොම්නස් ගලායේ ගඟක් ලෙස
හිමි මද හසීන් පෙනේ තුට
සදාකල්හහිම වේ තේජස් මට.

 


යාඤා පැය! යාඤා පැය


යාඤා පැය! යාඤා පැය!
මා සිත් සනසන පැය
ඉන් මා ඕනෑකම් හිම්ට
හැකි වේය පවසන්ට
දුක් පීඩා පැම්ණී විට
ආත්මේ ලැබිය පිහිට
සාතන්ගෙන්ද මා මිදීය
අහෝ නුඹ යාඤා පැය!


යාඤා පැය! යාඤා පැය!
නැතිකරයි මා සිත් බිය
මා කන්නලව හිමි වෙත
ගෙනයයි නුඹ නියත
එතුම මා කැඳවයි දැන්
යනමෙන් එබැවින් සැණෙන්
බලා භිඳිම් පෙම්වත් පැය
පමා නොවෙන් යාඤා පැය!


යාඤා පැය! යාඤා පැය!
නුඹේ සැනසුම් ඕනෑය
පිස්ගාවෙන් දැක මා නිවෙස්
ඉගිල යන තෙක් එදෙස්
හැරලා මේ කය එකල්
යන්නෙම් ලබනට කිරුල්
අහස්හි හඬ නඟම්ය
ඉතින් නිමයි යාඤා පැය!